‘ අටවක පුත්තු ’ ආදර කතාවක්ද? රහස් පරීක්ෂක නවකතාවක්ද? කල වයස එළඹීම (Coming of Age) පිළිබඳ කතාවක්ද? හුදෙක් විශ්වවිද්‍යාල නවකතාවක්ද? දළ වශයෙන් දශක හතරක (1956 – 1996) කාලයක දිවෙන බිහිසුණු දේශපාලන නවකතාවක්ද?
දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ, සංස්කෘතියක් වශයෙන් ජරාජීර්ණ සමාජයක තම නැති වූ අහිංසකත්වය ලබා ගැනීමට තැත් කරන තරුණයකුගේ ආත්ම කතාවක්ද? නොඑසේ නම් අභ්‍යන්තරික සහ සමාජීයය පරිපූර්ණත්වය සොයා නොනවතින අරගලයක යෙදෙන පරම්පරාවක සමූහික කතාවද?
‘ අටවක පුත්තු ’ කියවන පාඨකයා තුළ මෙවැනි ප්‍රශ්න ඇතිවීම නොවැළැක්විය හැකිය.
————————————————————————
2008 වසරේ රාජ්‍ය සාහිත්‍යය සම්මාන දිනූ නවකතාව