2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන අහම්බකාරක මගින් ජීවිතයේ අහම්බමය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක් ද සමගය. කුමකින් කුමක්වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතාකීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක ආධ්‍යාත්මය ගැන ගවේෂණයකි. චර්ම වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි.