ඔෂින් (Oshin) – 1

Rs.1,250.00

3 X Rs. 416.67 with mintpay_info_icon_woocommerce

Author – Sugako Hashida

Translator – Sumithra Vitharana

Publisher – Samudra Wettasinghe Publishers

ISBN No. – 9786245846115

Page Count – 312

ඔෂින් යනු ජපානයේ NHK රූපවාහිනී නාලිකාව මගින් 1983 සිට පුරා වසරක් තිස්සේ විකාශය කළ දීර්ඝ චරිතාපදානමය මාලා නාටකයකි. මෙයිජි යුගයේ ජපානයේ සමාජ ආර්ථික දේශපාලනික සංක්ෂෝභයන් මැද තනිව නැගී සිටින්නට වෙර දරන ජපන් යුවතියකගේ අපරාජිත, ආත්ම ධෛර්යයෙන් යුතු ජීවිතය මේ නාට්‍යයට පසුබිම් වී තිබේ.

කොටස් 297 කින් යුක්ත ඔෂින්, ජපානයේ මුල්වරට විකාශය වන කාලයේ දී ද ඉහළ ම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තේය. පසුකාලීනව විදෙස් රටවල් හැට ගණනක හඬකවා හා උපසිරසි ගන්වා විකාශය කළ ඔෂින් ශ්‍රී ලාංකික රූපවාහිනී ප්‍රේක්කයා අතරට රැගෙන ආවේ මෙරට රූපවාහිනී මාධ්‍යයේත් සිනමාවේත් පතාක යෝධයකු වූ ටයිටස් තොටවත්තයන් විසිනි. ඔෂින් ජාතික රූපවාහිනිය මඟින් හඬ කැවූ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වූවා මතු නොව දැනුදු ප්‍රේක්‍ෂක සමූහයා ඉමහත් ආදරයෙන් සිහිපත් කරන සුන්දර කලා කෘතියක් මෙනම මතක වස්තුවක් ද වී ඇත්තේ ය.

book-author

format