“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න. එහෙනම් උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
– ඇනීටා –
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ”
– ජෙෆ්රි –
“මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
– කැමෙලියා –
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
– කළු අශ්වයා