ලීලා – Leela

Rs.400.00

3 X Rs. 133.33 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 9789550201303

Page Count: 108

”මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”

-යගිරල පඤ්ඤානන්ද නාහිමි

සරසවි සඳරැසල 1919 පුනි 19 ”ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්කල හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ.පැරණි සාහිත්‍ය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”

– චන්ද්‍රා අමරසේකර

සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි

book-author

format