හෙට එච්චර කලුවර නෑ – Heta Echchra Kaluwara Na

Rs.850.00

3 X Rs. 283.33 with mintpay_info_icon_woocommerce

Author:   Ediriweera Sarathchandra

Publisher: Godage Publisher

ISBN:978-955-30-1593-8

Page Count:216

” ශිෂ්‍යයින්ගේ දේශපාලන මතවාද හා ඒවායේ භේදප්‍රභේද නොදැන සිටීමෙන් තමාත් ඔවුනුත් අතර පරතරය දිනෙන් දින ම වැඩි වන බව අවුරුදු පහළොවක් මුළුල්ලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ අමරදාස මහතාට දැන් දැන් ප්‍රත්‍යක්ෂ වී ගෙන එයි. මුල දී ශිෂ්‍යයින් අතර හටගත්, දේශපාලන වසයෙන් හැඳින්විය හැකි කවර ව්‍යාපාරයක් වුවත් අවමානයෙන් සලකමින්, දේශපාලකයින් පරිහාස මුවින් හෙළා දොඩමින් ඥානාන්වේෂණය පමණක් උසස් ම පුරුෂාර්ථය ලෙස ශිෂ්‍යයින් ඉදිරියෙහි හුවා දක්වමින් සිටි ඔහුට, ක්‍රම ක්‍රමයෙන් සංඛ්‍යාව අතින් අධික වන්නාවූත් ස්වරූපය අතින් උග්‍ර වන්නාවූත් පන්ති වර්ජන, පෙළපාලි හා ඔවුන්ගේ වෙනත් සාමූහික ආවරණ සමාචරණ අවබෝධ කට හැක්කේ ඔවුන්ගේ දේශපාලනය ලැදිකම් දැනගැනීමෙන් බව දැන් අතැඹුලක් සේ පෙනේ. මේ සඳහා, ශිෂ්‍යයින්ගේ නේවාසික ජීවිතය මනා සේ හැදෑරිය යුතු ය. වර්ෂයක් පාසා පැවැත්වෙන ශිෂ්‍ය නිවාස මැතිවරණ හා ශිෂ්‍ය සංගම් මැතිවරණ පිළිබඳ තතු දැනගත මනා ය. රටේ පවතින දේශපාලන පක්ෂ භේදයක් අනුව කෙරෙන මේ මැතිවරණ ඔහුට මහත් අවුලකි. විශ්ව විද්‍යාලයක මැතිවරණ දේශපාලන පක්ෂ භේදයක් අනුව කෙරෙන්නේ කවර හෙයින් දැයි ඔහුට වටහාගත නො හැකි ය. මණ්ඩප භුමියෙහි දේශපාලනය රටේ දේශපාලනය තරම් වත් ඔහුට නොතේරේ.”

book-author

format