කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්.රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරිය.හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳලා ගස්වල සෙවනැලි වලින්. රෑ කුමාරි මල් සුවඳ සුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ.