කමොගවා – Kamogawa

Rs.413.00Rs.550.00

3 X Rs. 137.67 with mintpay_info_icon_woocommerce

Author: Hisashi Kashiwai

Translator: Rashmika Mandawala

Publisher: Susara Publishers

ISBN: 978-624-6586-04-1

Page Count: 184

කාමොගවේ කෑම රහස් පරීක්ෂකයෝ නවකතාව අහම්බෙන් මෙන් මට කියවන්නට ලැබී එහි එහි ඇති අපූර්වත්වය නිසාම කොටසක් පරිවර්තනය කළෙමි. එම කොටස මුහුණුපොතට එකතු කළ විට ලැබුණු ප්‍රතිචාර ඉමහත්ය. නූතන ජපන් සාහිත්‍යය, විශේෂයෙන්ම මුරකමිගෙන් පසුව බටහිර පාඨක ප්‍රජාව ඉමහත් සතුටින් වැලඳගන්නා ප්‍රවණතාවයක් දකින්නට ඇත. මෑත කාලීනව ඉංග්‍රීසියට පරිවර්තනය වූ බොහෝ ජපන් කෘති ආදායම් වාර්තා තබමින් අලෙවි විය.

මෙම කෘතිය පාදක වන්නේ කියෝතෝවේ පිහිටි කමොගවා නම් කෑම පිළිබඳ රහස් පරීක්ෂණ කටයුතු කරන ආයතනයකි. මෙම ආයතනය වෙත යන ඔබට අතීතයේදී ඔබ ආහාරයට ගත් රසවත් ආහාරයක් නැවත ඒ රසයෙන්ම නිර්මාණය කරගැනීමට හැකියාව ඇත.

බැලූ බැල්මට මෙය කෑම සම්බන්ධ පොතක් ලෙස කෙනෙකුට පෙනි යා හැකි වුවත්, මේ කතාවලදී අපට හමු වන චරිතවලට සම්බන්ධ ආහාර වට්ටෝරු යනු නිකන්ම වට්ටෝරු නොවන බව පොත කියවන ඔබට හැඟීයනු ඇත. ඒ හා සබැඳුණු ආත්මීය හමුවීම්වල කතන්දර ඔබට කමොගවේ කෑම රහස් පරීක්ෂකයෝ කෘතියෙන් හමු වනු ඇත. ඒ ඇතැම් කතන්දරයක් ඔබටද සමීප වනු ඇත.

book-author

format