දවල් හීන – Dawal Heena

Rs.1,500.00

3 X Rs. 500.00 with mintpay_info_icon_woocommerce

Author: Ruwan Pradeep Rathnayaka
Publisher: Kathru Prakashana (Self Published)
ISBN: 9786249267107
Page Count: 278

මෙම පොත ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. එය දවල් හීන පළමු කොටස, විරාමය සහ දවල් හීන දෙවන කොටස වශයෙනි. දවල් හීන යනු සම්පූර්ණයෙන්ම සුරංගනා කතාවකි. හුදෙක් පාඨකයාගේ රසවින්දනය උදෙසා රචනා කරන ලද්දකි. ඒ සඳහා පාදක කරගෙන ඇත්තේ රටක දේශපාලන පසුබිමකි. මෙය කියවන ඔබ ඔබගේ රටෙහි සමාජ දේශපාලන වාතාවරණය මේ පොතෙහි ඇති කරුණු සමඟ සම්බන්ධ කර නොගන්න ලෙස ඉල්ලා සිටිමි. මෙහි විරාමයෙහි සඳහන් කරුණු හැර අනෙකුත් සියලු කරුණු මනඃකල්පිත ඒවා බව සඳහන් කරනු කැමැත්තෙමි. එනම් මෙය මනඃකල්පිත රටක් පාදක කොට ගෙන රචනා කර ඇත. මිනිසුන් දවල් හීන දැකීමට කැමතිද නැද්ද යන්න මට අදහසක් ප්‍රකාශ කළ නොහැකිය. නමුත් දවල් හීන දැක ඒවා ළඟා කර ගැනීමට උත්සාහ කළ සමහර මිනිසුන් ලෝකයේ බොහෝ බලවත් වී ඇති බව මට ප්‍රකාශ කළ හැකිය.
විරාමයෙහි මා විසින් ලියා ඇති කරුණු බුදු දහම සම්බන්ධයෙනි. එය ලිවීමට අදහස් කළේ බුදුන් වහන්සේ විසින් රාජ්‍ය පාලනයට සම්බන්ධ බොහෝ කරුණු දේශනා කර ඇති නිසාවෙනි. තවද බුදු දහම ආගමකට වඩා එහා ගිය ස්භාව ධර්මයේ ඇති න්‍යායක් විස්තර කර ඇති බව මගේ පෞද්ගලික මතයයි. එයද මෙහි විස්තර කර ඇත.
ඔබ සාමාන්‍ය ලෝකයෙන් එහා ගොස් රාමුවෙන් පිටත සිටීමට කැමති අයෙක් නම් මේ පොතෙහි රසවින්දනයට එහා ගිය යමක් ලබා ගත හැකි බව මම විශ්වාස කරමි.