භූ කම්පනයකින් පසුව
ඉරිතලා ගිය තැනක
භූ විෂමතා වෙනස්වුණු
භූමියකි මම
දැන් මම ඉරිතලා ගිය බවින්
අලුත් වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි
මා මතින් ගමන් කළ ගඟ
ඔබ වෙන මඟක යා යුතුය
සිතියම වෙනස් කළ යුතුය
කමටහන් ලෙස දෑතට
කුඩා වැලි අහුරක්
අරන් යා යුතුය
කොහේ හෝ නාඳුනන පෙදෙසක
මලක් සුපිපෙන නිම්නෙක
ඒ මතක භූමිදානය කර
අලුත් ගමනක් යා යුතුය.
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            











