පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැදෑවක,සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුන විට,ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.”මම යනවා..”ඇගේ සැමියා කීවේය.මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි.බොහෝ අවස්ථා වල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක,මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි.ගමන් බිමන් යයි,දවස ගත කරයි,ඇයත් සමඟ නින්දට යයි.ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී,සුරක්ෂිත ස්ථානයක දී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
book-author | |
---|---|
format |