මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැළපුන මා එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ක්ෂේත්රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි , කිසිදා පිරිමියෙකු සමග ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වෙනු ඇතැයි මග බලා සිටින්නෙමි.
book-author | |
---|---|
format |