“මේ ඔරලෝසු කණුවට ඔබේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්නත්, එහි ඇති බලගතු බව ඔප්පු කරන්නත් මං වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න. මං ඡන්දේ දින්නොත් විතරයි මේ ඔරලෝසු කණුවේ බලය ඔප්පු කරගන්න අපට පුළුවන් වෙන්නේ..”
– ඔරලෝසු කණුව –
“අම්මෝ බලන්න ඕනේ එයාව දැක්කම ලොක්කාට හරි සතුටුයි. එයාගේ මූණෙ මලක් පිපිලා. කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති ගෑනියෙක් ළඟ ලොක්කට පේන්නේ මොනවද?..”
-පිටපත් ලිවීම-
” බලපන් දැන් උඹලා සැපසේ මැරිලා, නෑ බං උඹලා මැරිලා නෑ. ජීවත් වෙලා නැති එවුන් මැරෙන්නේ කොහොමද?..”
– දහිර වාට්ටුව –
“රහස බෙදාගත් පසු දැනෙනා සැහැල්ලුව රහස බදාගෙන සිටිනා විට නැත. එසේම වැරදි පුද්ගලයෙකු සමඟ රහසක් බෙදාගන්නවාට වඩා එය බදාගෙන සිටීම ඔබට සැහැල්ලුවක් වනු ඇත..”
– රඟමඬලක
“ඔය හිනාව හරියන්නේ නැහැ. මළ ගෙවල්වල මිනිස්සුත් ඔයිට හොඳට හිනාවෙනවා. මනමාලයාගේ වේල් එක අයින් කරලම අපි ෆොටෝ එක ගමු. දැන් හිනාවේගෙන කේක් එක කපන්න..”
– මං චිත්රපටියක –
“එහෙව් ලස්සනක් නැතත් මහා සද්දන්තයි. ජැන්ඩි පහේ මිනිස්සු හැමදාම වතුර කළ, කිරි කළ වක්කරනකොට සද්දන්ත නොවී තියෙන්න විදිහක් නැහැ..”
– කප්පිත්තන –
“ඇයි බං මේ මොන මළ විකාරයක්ද? උඹ අම්මා වගේ හින්දා අම්මා වගේ නොකියා වෙන මොනවා කියන්නද? මේ ගේ නොතිබ්බා නම් උඹේ අම්මටත් වෙන්නේ ගෙදෙට්ට නාකි වෙන්න..”
– විශේෂණ –