දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනක වූවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලූ විහිදන මකරුන්, හැඩපලූ ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැනුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස් වූ සිතිනි…
book-author | |
---|---|
format |