ලංකාවේ අපි කරන වැරැද්දක් තමයි රුපියලේ, දෙකේ, පහේ, දහයේ කාසිවලට (Coins) කිසිම වටිනාකමක් දෙන්නේ නැති එක. පාරේ අයිතිකාරයෙක් හොයාගන්න බැරි කාසියක් වැටිලා තිබුණත් සමහරු ඒක ගන්නේ නෑ. කඩෙන් ඉතුරු සල්ලි දෙද්දී රුපියල් පහක් දහයක් දුන්නොත්, “ඕක තියාගන්න” කියලා දාලා එනවා. ගෙවල්වල බැලූ, බැලූ තැන කාසි.”
“මතක තබාගන්න, ලක්ෂයක් වෙන්න එක රුපියලක් අඩු වුණොත් ඒක ලක්ෂයක් වෙන්නේ නෑ. කොටින් ම රුපියලට ගරු කරන්නේ නැති මනුස්සයාට කවදාවත් ලක්ෂ ගණන් සල්ලි පාලනය කරන්න ලැබෙන්නේ නෑ.
සල්ලි උපයන හැටි, සල්ලි ඉතුරුකරන හැටි , සල්ලි හරි විදියට වියදම් කරන හැටි, පොඩියට හරි ආයෝජනය කරන හැටි බොහොම සරලව, ප්රායෝගික උදාහරණ එක්ක “සල්ලි” පොතේ විස්තර කරලා තියනවා. ඒ හන්දා පොත අරගෙන කියෙව්වට පාඩුවක් වෙන එකක් නෑ.












