“සාර්ථක ලෙස කතාන්තර කීම පහසු දෙයක් නොවේ. දුෂ්කරතාවය ඇත්තේ කතාන්තරය කීමෙහි නොව එය සියල්ලන්ට විශ්වාශ කළ හැකි ලෙස ඒත්තු ගැන්වීමෙහිය. ඉතිහාසයේ බොහෝ දේ මේ ප්රශ්නය වටා බමමින් තිබේ. දෙවිවරුන්, ජාතීන් හෝ සීමිත වගකීම්සහිත සමාගම් පිළිබඳ නිශ්චිත කතාන්තර විශ්වාස කරන ලෙස මිලියන ගණන් මිනිසුන්ට කෙනෙකු ඒත්තු ගන්වන්නේ කෙසේද? එහෙත් එය සාර්ථක වූ විට එය සේපියන්ලාට ඉමහත් බලයක් ලබාදෙයි. මක් නිසාද යත් එවිට, පොදු අරමුණු උදෙසා සහයෝගීතාව දැක්වීමටත්, එය උදෙසා ක්‍රියා කිරීමටත් මිලියන ගණන් අමුත්තන්ට හැකිවන බැවිනි. අප විසින් පැවසීමට හැකියාව තිබුණේ සැබෑ ලෙසම පවතින ගංගා, ගස්වැල් සහ සිංහයන් ගැන පමණක් නම් රාජ්‍යයන් හෝ පල්ලි හෝ නීති පද්ධති හෝ නිර්මාණය කිරීම මොන තරම් අසීරු වන්නට ඉඩ තිබුණි දැයි නිකමට සිතා බැලීමට උත්සාහ කරන්න.”
book-author | |
---|---|
format |