තිලකා රණසිංහ වූ කලී අඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලියටම කැපවූ ප්‍රවීණ නිවේදිකාවකි. ඇය ගුවන්විදුලියට ප්‍රවිෂ්ට වූයේ 70 දශකයේ එහි ස්වර්ණමය අවධියේදී ය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක, හඬ කැවීම් ශිල්පිනියක, ගායිකාවක, ගත් කතුවරියක, නිළියක, ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක, නිවේදන පාඨමාලා ගුරුවරියක ලෙස විවිධ භූමිකා ඔස්සේ විහිද යන ඇගේ ජීවිතය හා කලා මෙහෙවර ග්‍රන්ථාරූඪ කොට ඇගයීමට ලක් කිරීම කාලෝචිත වෑයමකි.
කලා පරපුරක උරුමය ඇය සතුව ඇත. දෙටු සොහොයුරු ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ සේම ඇගේ සැමියා වූ අමරණීය, ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන් ද ඔවුන්ගේ එකම පුත් නව පරපුරේ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර ද තිලකාගේ දිවි සැරියේ කොටස්කරුවෝ වෙත්.”
ශෝන් මැක්ස්මස් දිසානායක ගේ සුගම රචනයෙන් ද, පොත පුරා පිටුවෙන් පිටුව විහිදෙන ජායාරූප එකතුවකින්ද, සුන්දර මුද්‍රණ කඩදාසියකින්ද සමන්විතයි.
| format | |
|---|---|
| book-author |















![ඩුඕ [දෙදෙනෙක්] - Duo](https://thunmansala.lk/wp-content/uploads/2025/03/Duo-150x200.jpg)


