ගෝ දානය – Go Daanaya

Rs.1,520.00Rs.1,900.00

3 X Rs. 506.67 with mintpay_info_icon_woocommerce

Translator: Chintha Lakshmi Sinhaarachchi

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 978-955-691-340-8

Page Count: 590

නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන “ප්‍රෙම් චාන්ද් “( 1880 – 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට නව සම්ප්‍රදායක් හදුන්වාදුන් ලේඛයෙක් ලෙස සම්බාවනාවට පාත්‍ර වූවෙකි.ප්‍රෙම් චාන්ද්ගේ අවසන් කෘතියය වන මෙම නවකතාව ඉන්දියාවේ අතිවිශාල සංඛයාවක් වූ ගොවි ජනතාවගේ ජීවිතයේ යථාර්තය ඔවුන්ගේ ජීවිතවල පවතින අනවරත දුක්ක දොම්නස්ස සහ කලාතුරකින් දක්නට ලැබෙන සොම්නස්යන්ද ගැබුරු අවබෝදයකින් නිරුපනය කරනු ලබයි.

ගෝ දාන් යනු ගවයකු පිනට දීම හෝ පරිත්‍යාගය හෝ වෙයි. හින්දු ලබ්ධිකයෝ මෙය ඉතා උතුම් සිරිතක් කොට සලකති. ලක්නව් සිට සැතපුම් විස්සක් පමණ ඔබ පිහිටි සේමර් නම් පිටිසර ගමේ වෙසෙන “හෝරී” නම් දිළිඳු බ්‍රාහ්මණ වංශිකයකුගේ පවුල කේන්ද්‍ර කැර ගනිමින් මෙම කතාව නිර්මාණය කර තිබේ . “හෝරී” ට එගම වෙසෙන “භෝලා” නම් පුරුෂයකුගෙන් එළදෙනක් තෑගි ලැබෙන සිද්ධියකින් කතන්දරය ඇරඹේ. මේ ත්‍යාගය නොහොත් “ගව දානය” ඔහුගේ ජීවිතය ඉඳුරාම වෙනස් මඟකට යොමු කරයි.

මේ රමණිය නවකතාව චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය මුල් හින්දි පිටපතෙන් සිංහලට පරිවර්තනය කරනු ලදුව විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් 2000 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී.මෙය ඇය විසින් පරිවර්තන කරන ලද අවසන් කෘතියයි.