ගෝරා – Gora

Rs.1,480.00Rs.1,850.00

3 X Rs. 493.33 with mintpay_info_icon_woocommerce

Translator: Chintha Lakshmi Sinhaarachchi

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 955-652-042-2

Page Count: 553

විභූති භූෂණ  බන්ද්‍යාපාධ්‍යාය නම් වූ ශ්‍රේෂ්ඨ වංග ලේඛකයා හඳුන්වා දෙමින් ආරම්භ කළ පරිවර්තන කාර්යය මේ වනවිට අර්ථවත් ලෙස හා ශක්තිමත් ලෙස අතු ඉති ලා වැඩී හමාරය. අරණකට පෙම්බැඳ, ශ්‍රී කාන්ත, ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී, බිංදුගේ දරුවා නම් වූ ගද්‍ය කාව්‍ය රස නුසුන් කොට රමණීය අයුරින් සිංහලයට නැගීම, මේ ලේඛිකාවගේ පරිවර්තන ක්‍රියාදාමයේ සාරවත් අස්වනු වේ.

කිසිවෙකුගේ වාරුවෙන් හෝ කිසිවෙකු විසින් ඔසවනු ලැබීමෙන් හෝ තොරව නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ අදීන පෞරුෂයක් සිය ශක්තියෙන් ම ගොඩ නගා ගත් මේ ලේඛිකාව ඇගේ විශිෂ්ට වූ සාහිත්‍ය සේවාව නිසාමය.

වංග සාහිත්‍යයේ හැඩරුව මහත් හැඟීමෙන් හා ගෞරවයෙන් සිය අධ්‍යාත්මයට සමීකරණය කරගත් මේ ලේඛිකාවගේ පරිවර්තන කාර්යයේ අග්‍ර ඵලයකි ගෝරා.

ගෝරා සිංහල පාඨකයා අතට පත්වන්නේ ඒ කෘතියෙන් කුළුගන්වන සමාජ දෘෂ්ටිය සත්‍ය වශයෙන්ම අවධානයට ලක් විය යුතු අවධියකදීය.