අමුතු මිනිස්සු – Amuthu Minissu

Rs.600.00

3 X Rs. 200.00 with mintpay_info_icon_woocommerce

Author: Ganga Nanayakkara
Publisher: Happy Living / Kathru Prakashana
ISBN: 9789559742333

මේ පොතේ තියෙන කතා සියල්ලේම ඉන්නේ මට ජීවිතේට හමුවුණු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අතරින් “අති දුර්ලභ මුතු වගේ” ගැහැනුන් සහ පිරිමින් පිරිසක්. ඔවුන් මගේ (අපේ) ජීවිතයට කරපු සුන්දර බලපෑම් හරි සුවිශේෂීයි. ඒ හින්දා කාලයක් තිස්සේ ඒ අය සහ ඒ සිදුවීම් මතකයේ තබාගෙන ඉඳලා, මේ විදියට පොතකින් එළිදක්වන්න හිතුවේ එහෙම “(අ)මුතු මිනිස්සු” ඕන තරම් අපි අතරේ ඉන්නවා කියලා පෙන්වන්නයි.
ඒ වගේම ඒ ඒ අය, යම් යම් කාලවලදී සහ නොයෙක් නොයෙක් අවස්ථාවන්වලදී මට දුන් ධනාත්මක මෙන්ම සුභවාදී යහපත් සිතුවිලි ධාරාවන් “Good vibes” මේ පොත හරහා නැවතත් ඔවුන් වෙත සම්ප්‍රේෂණය කිරීමත් තව එක් අරමුණක්. මං විශ්වාස කරනවා, මේ පොත කියවන ඔබටත් යම් ප්‍රමාණයකින් හරි ඒ යහපත් සිතුවිලි ධාරාවන් “Good vibes” ආකර්ෂණය කරගැනීමට පුළුවන්කමක් ලැබේවිය කියලා.
ඒ තුළින් අපි කාටත් මිනිස්සු අතර “(අ)මුතු මිනිසුන්” වෙන්නට යම් උත්තේජනයක් ඇතිවෙනවා නම්, ඇත්තටම ඒක අපේ ලෝකය මීට වඩා යහපත් තැනක් කරන්නට දායක වීමක් වේවි.