නිර්මාණකරුවෙකුට තමා අවට ලෝකය ම නිර්මාණයන්ට පාදක කරගත හැකි වස්තු බීජ වලින් සපිරි පාරාදීසයකි. තමා අත්විඳින සහ දකින අසන අනන්ත අපරිමාණ සිදුවීම් තුළ බොහෝ අපූරු කතා මූලයන් තිබියහැක. ඒවා තෝරා බේරා ඔප දමා කිසියම් අපූර්ව අරුතක් ගම්‍යවන ලෙසින් පෙළ ගැස්වීම නිර්මාන කරුවාගේ ප්‍රතිභාව අනුව සිදුවේ.
ප්‍රේමය සහ මධ්‍යම පාන්තික පවුල් ජීවිතය තෙමා කරගත් දිගැසි පබසරා අමරසිංහ ගේ අසංජානනී නවකතාව ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට ගත් අපූරු උත්සාහයකි.
-චූලාභය ශාන්ත කුමාර හේරත්-