රටේ එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද්‍රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශූභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප්‍රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඥෝරේ මෙනවියව සිල්පරකොට උඩ දමාගෙන දුෂණය කළේ ඔය අතරෙයි. රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නේ රිට්ටා දේවි. ඈ ස්ත්‍රී දුෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් දුෂණය කරන එක එච්චර කාරණයක් නොවෙන්නේ රිට්ටාදේවිට ස්ත්‍රී නිමිත්තක් නැති නිසයි. ඉතින් දැන් කුසුමලතා සිඥ්ඥෝරේ කුසුමලතා ලක්සම්බර්ග් නමින් මාර්තු අටවනදාට ලිප්ටන් වටරවුමේ ඉන්නවා.
        “2001 අභ්‍යවකාශ වීර චාරිකාව -1 | ආතර් සී ක්ලාක්” has been added to your cart. View cart    

අසාත්මිකතාව – Asathmikathawa
By (author)K K Saman Kumara
        Rs.350.00
Author: K K Saman Kumara
Publisher: Ahasa Mediaworks (Pvt) Ltd
ISBN: 978-955-7861-08-1
Page Count: 156
| Categories: | Short Stories - කෙටිකතා, Story-Teller | 
|---|---|
| Tags: | K K Saman Kumara, New Release Storyteller, Short Stories | 
| book-author | |
|---|---|
| format | 

			
			
            
            
            
            












