කට්ටපරිච්චාන් සටන – Kattaparichchan Satana

Rs.1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

“හිරු එලිය දැන් දැන් දැඩිව සිරුරට දැඩිව පීඩාකාරි වෙමින් මුදුන් වෙමින් පවතී. පෙර දිනයේ රාත්‍රී ආහාරයෙන් පසුව කුසට අහරක් මුවට දිය පොදක් නොමැතිව මේ වන විට පුරා පැය තුනකට ආසන්න කාලයක් නොනවත්වා සටන් වදිමින් සිටියි. මේ මොහොතේ ඇති වූ පිපාසය මත ලාන්ස් කෝප්‍රල් දම්මික වන්නි ආරච්චි සිය බෙල්ට් ඕඩරයේ වූ ඇළුමේනියම් වතුර බෝතලය එලියට ඇදගෙන පිපාසය සංසිඳවා ගැනීමට එහි මූඩිය විවර කරන්නට විය.
 
” මචං වන්නි මටත් වතුර ටිකක් දීපන් බෑජි”
 
ඔහුට මදක් නුදුරු කුඩා නියරක් අසල තම ආවරණය ගනිමින් සිටි සෙබළ කමාන්ඩෝ 100332 ලාන්ස් කෝප්‍රල් සෙනෙවිරත්න ඊ.ඩී. නොහොත් සෙවන් ස්කොඩ්‍රන් නම් පෙර පාඨමාලාවන් අසමත්ව සිට ඉඳුරම බඳවා ගැනීමේ පාඨමාලා අංක එක සමග කමාන්ඩෝ පාඨමාළාව හදාරා සමත් වුන සැමගෙ ආදරණීය නාමය වූ මුගාබේ විසින් බොහෝ බැගෑපත්ව බීමට ජලය පොදක් අයදින්නේය.
 
ස්…ස්..ස්..ස්ග්..ඩිංග්…..
 
පලාතම දෙදරවමින් කන් බිහිරි කරවමින් ඔවුන් අතරට ඒ සමගම ඇදි එන මිලිමිටර් අසු එක මෝටාර් බෝම්බයක් පතිතව පුපුරා යද්දී කළු දුමාරය මුසුව විසිරෙන පස් හා ගල් කැබලි වලින් සිරුර වැසී යන්න විය.”