“අම්බලම එළියේ එල්ලා තිබෙන කොහොඹ අතු දැක්කෙ නැද්ද?“
පිළිතුරක් නොවන විට තවත් වේලාවක් බලා සිටි දැරිය මෙසේ කීවාය
“එළියේ එල්ලා තිබෙනවා කොහොඹ අතු, ඒවා ගෙදරක එලියේ එල්ලන්නේ ඇතුළේ බෝවන රෝගයක් තියන කෙනෙක් ඉන්න බව දන්වන්නට, ගමේ ගෙවල්වලත් එල්ලනවා, අම්බලමක් වාගෙ තැනක එල්ලුවාම එකෙන් කියන්නේ මහ ලෙඩේ තියන කෙනෙක් ඉන්න බව..“
දැන්වත් අධිරාජයාගෙන් පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් ලැබෙතැයි ඈ බලාපොරෙත්තු වූවා සේ ය. ඔහු දිගින් දිගට වාවා ගත නොහැකි ඇඟපත වෙවුලන්ඩ හැර අහසක් පොළවක් නොමැතිව බලා සිටී.
“මට මහාමාරිය ඇය කීවාය“
ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.