නෙළුම් කුළුණින් රෑට
දේවතා එළි වඩිනවා බිමට
තරු පොකුරු අතින් අල්ලන්
දියට පැන
බේරෙ වැවෙන් නානවා නම් සඳ
මං සමන්තිව බැන්ඳම මොකද
ප්‍රේමයට පිපෙන්නට
තැනක් නො තැනක් කොයිද
මුල් දුවා වැඩෙන්නට
සරු පොළොවකුත් කුමට
නිමල හදවතක
කිරීටක ධමනියෙන් රිංගා
ලේ නහර කිති කවා
දුවන්නට නම් හැකිය