මන්දාකිනියක කීපදෙනෙක් -Mandakiniyaka Keepadenek

Rs.960.00Rs.1,200.00

3 X Rs. 320.00 with mintpay_info_icon_woocommerce

Author: Kasun Samarathunga

Publisher: KBOOKS Publishers

ISBN:  978-624-5737-39-0

Page Count: 220

“ජූලියස් ෆූචික්ල දැන් අයිති ඉතිහාසෙට. ආපහු ඒ වගේ පත්තරකාරයො බිහිවෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වුණු පරමාදර්ශී පත්තර කලාව දැන් මේ මඟුල අස්සෙ කරන්න ලැබෙන්නෙත් නෑ.”

*** “

ඒකිගෙ පොත මරු මචං ! හැබැයි මේක ඒකිගෙ පළවෙනි පොතනෙ. ඒක නිසා අපි එයාට සම්මානෙ දෙන්නෙ නෑ. එයාට තව කල් තියෙනවනෙ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාල එන්න එපැයි.”

*** “

නෑ, නෑ, පක්ෂ කාර්යාලෙ නෙවෙයි. මං මුලින්ම කිව්වෙ. අපි එහේ බොන්නෙ නෑ. මට පේන්නෙ ඔයාට හෙන ආසාවක් තියෙනව වගේ අපේ පක්ෂ කාර්යාලෙ ඇතුළෙ ෂොට් එකක් දාන්න.”

***

“මොකද්ද මනුස්සයෝ ඒ අහපු ප්රශ්නෙ? ඔහේ කවද හරි විෂම ලිංගිකයෙකුගෙන් අහල තියෙනවද, ඔබ විෂම ලිංගිකයෙක් වුණේ කොහොමද කියල? යූටියුබ් ඉන්ටර්වීව් එකක් වගේ මේක කරමු කිව්වට ඔහෙත් ඒ ගොඩක් අය වගේ කුණු ප්රශ්න අහයි කියල මං හිතුවෙ නෑ.”

*** “මං හිතන්නෙ ඒක මගේ දේශපාලන විරුද්ධවාදීන් කරපු වැඩක්. නැත්නම් දේශපාලන මිත්රයො කරපු වැඩක් වෙන්නත් පුළුවන්. ඔය දෙගොල්ලො අතරෙම ඒ හැටි ලොකු වෙනසක් නෑ.”

book-author

format