මත් කෙරෙන කවි වතුර
තෙත් හාදු බොන අතර
අත් දෙකේ ඔබ නිතර
ගුලිවෙලා හුන්
හිත් උයනෙ වී නතර
පත් ප්‍රේමයේ වැතිර
තත් වයන ගී මතුර
නැළවුණේ මං
මීදුමේ කඳු පතුල
සිහිකෙරෙන ඔය කොපුල
තුෂර පිනි කඳුලෙකත්
පිපුණේද මල්
ඒ මලෙක සිනිඳුවට
ලියූ වැහි ප්‍රස්තාර
ගීතවත් සානුවේ
ප්‍රේමයකි දැන්
පටු වීදි කෙළවරෙක
අලව අලවා දෙඇස
බැල්මකින් ඇල්ම පා
සැඟවුණේ නම්
නිල් අහසෙ වී නතර
රිදව රිදවා මතක
නැතිද තරු එළියකට
හදවතක් යම්.?