මුහුද යට දිවයින – Muhuda Yata Diwayina

Rs.1,440.00Rs.1,600.00

3 X Rs. 480.00 with mintpay_info_icon_woocommerce

Author: Isabel Allende

Translator: Niluka Kadurugamuwa

Publisher: Vidarshana Publishers

ISBN: 955-1559-104-2

Page Count: 644

Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය.

වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එන ලැබූ තරුණියකගේ කුසෙන් .නැව් ගමනේදි ඇය දූෂණය කළ සුදු ජාතිකයෙකුට දාව සැං දොමෑං දිවයිනේදි උපන් තෙතේ හෙවත් සරිතේ බිළිඳු  වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නේය. ප්‍රංශ යටත් විජිතයක් වූ සැං දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතුයායෙහි පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මෙරෑං .තම පරමාදර්ශී සහ ප්‍රගතිශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විදීමට පටන් ගනී. දහඅටවැනි ශතවර්ශයේ අගභාගයවන විට සැං දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්බාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙක හා සම්බන්ධ වන්නේ ආදරය.කරුණාව මෙන්ම වෛරය.රාගය හා තිරිසන් බව ආදිය එකට කැටිවූ මනස්කාන්ත කතාන්තරයක් පාඨකයා හමුවේ දිග හරිමිනි.