මොසාඩ් – Mossad

Rs.1,346.00Rs.1,495.00

3 X Rs. 448.67 with mintpay_info_icon_woocommerce

Author: Michael Bar – Zohar & Nissaim Mishal

Translator: Yasasiri Janaka Kumara

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-1351-3

Page Count: 477

මයිකල් බාර් – සෝහාර් සහ නිසිම් මිෂල් විසින් රචිත ඵදිි්ා කෘතියේ සිංහල පරිවර්තනයයි. ඊශ‍්‍රායල රාජ්‍ය රහස් ඔත්තු සේවයේ විශිෂ්ට මෙහෙයුම් පිළිබඳ ලොව වැඩියෙන්ම අලෙවි වූ ග‍්‍රන්ථය මෙය වේ.
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඞ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික‍්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.
ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක‍්‍රමානුකූලව ලූහුබැඳ යාමේ සිට එතරම් ප‍්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ කි‍්‍රයාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග‍්‍රන්ථය මගින් මොසාඞ් සංවිධානය සහ ඊශ‍්‍රායල බුද්ධි ප‍්‍රජාවේ, ප‍්‍රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.
ඊශ‍්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය කි‍්‍රයාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් – සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඞ් වංශ කතාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඞ් එ්ජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
—————-
”ඊශ‍්‍රායලයේ අවිද්‍යමාන බලකායද, එහි පිළිගත් භෞතික ප‍්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.”
– ඊශ‍්‍රායලයේ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස

”ඊශ‍්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තයන්ගේ, ලොමු දැහැගැන්වෙන කි‍්‍රයාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්න දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඞ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් කි‍්‍රයාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”

book-author

format