පොල් කොටයේ මුල පැත්ත ඔසවා එය තාත්තාගේ කර මත තැබිය යුත්තා මම ය. පහත් ව දෑත් තබා අල්ලාගෙන ඔසවන්න වෙර දැරුවද අඟලක්වත් ඉස්සුනේ නැත.පෙරළුණා පමණි.
“ බැරි ද…?’’
“ බරයි….’’
“ කෝ අයින්වෙයං…”
ඒ මහා විස්මය ඇරඹියේ එතැන සිට ය.
මට ලැජ්ජත් හිතෙ යි. කාරි නැත. මේ මගේ තාත්තා ය.
අමලා,දරැවා වඩාගෙන ගේ පිළිකන්නේ බලා සිටී.
තාත්තා මගෙන් කිසිදු උපකාරයක් නොතකා පොල් කොටය ඔසවා කර මත තබාගත්තේ ය. මෙන්න….! පාරේ දකුණු පැත්තට ගමන්කොට වියළි තණගොල්ල දිගේ සාමාන්‍ය වේගයෙන් යයි!
පොල් කොටය හොන්ඩර එක හමාරක්වත් වෙන්න ඔිනෑය. එය බිම තැබීමක් හෝ මග නතර ව හති ඇරීමක් හෝ නැත. ගෙන යන්නේ කොටුවේ වැටේ මුල් කණුව වශයෙන් හිටුවන්න වෙන්න ඇති.