ලිට්මස් – Litmus

Rs.520.00Rs.650.00

3 X Rs. 173.33 with mintpay_info_icon_woocommerce

Author: Priyanath Widanapathirana

Publisher: KBOOKS Publishers

ISBN: 978-624-5737-02-4

Page Count: 259

සැලසුම් වලින් පිට පැනීමට සිදුවීම ඔහුට හුරුපුරුදු නැත. සෑම දෙයක්ම කල්තබා සැලසුම් කිරීමත්, ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියළු කටයුතු ගැන සොයාබැලීමත් ඔහුගේ සාමාන්‍ය පුරුද්දය. නමුත් මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. සති කිහිපයක් තිස්සේ ඔහුට මුහුණදීමට සිදුවූ කිසිවක් සාමාන්‍ය නැත. නමුත් මේ දක්වා ඔහු ඒ සියල්ලටම හොදින් මුහුණ දුන්නේය. සාමාන්‍යයෙන් අවසාන මොහොතේ සියල්ල වැරදී යන්නේය. සිනමාපටවල, ත‍්‍රාස්‍යජනක නවකතාවල සිදුවන්නේ එලෙසය.

ඔහු තාර නොයෙදු බොරළු පාරට වාහනය හැරවීය. වඩා උනන්දුවෙන් නොබලන්නෙකුට එම කුඩා අතුරු මාර්ගය එකවර දැකිය නොහැකි වුවත්, සුළුහෝ එහාමෙහා වීමකින් තොරව ඔහු වාහනය හැරවූයේ එය ඔහුට බොහෝ හුරු පුරුදු මාර්ගයක් වූ නිසාවෙනි. වාහනයේ පිටුපස අසුන් එකක්වත් නොතිබිණි. ඒවා ගලවා බොහෝ කාලයක් ගතවී ඇති බව ඇණ වල බැදී තිබුණු මළකඩ සාක්ෂි දැරීය. ඉරීගිය කාපට් එක මත තරුණයෙකි. සිහිසුන්ව සිටි ඔහුගේ අත් පා ගැටගසා තිබුණු අතර හිස පැලීයාම නිසා ගලාගිය රුධිරය කාපට් එක තෙත් කර තිබුණි.

සියල්ල අවසන් වන්නට ඇත්තේ තව පැය කිහිපයකි. ඉන්පසු ඔහුට සැනසිල්ලේ නිදාගත හැකි වනු ඇත.