උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?”
” මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.”
” මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ.”
( විලාසිනියකගේ ප්‍රේමය- පිටුව 127)