9 වන සියවසේ ස්කැන්ඩිනේවියාවේ ආර් හෝල් මන්දිරයේ විසූ තෝර්වාල්ඩ් නමැති ප්රදේශාධිපතියා ගේ හා ඔහු ගේ බිරිඳ වන තෝරා ගේ බාල පුත්රයා වන ෆ්, ඉන් වසර දහස් ගණනාවකට පෙර එම දේශයේම විසූ සැරිසරන්නා නම්න් ප්රකටව සිටි අධිපතියා ගේ වර්තමාන භවය යි.
ඕලෆ් හා විවාහ ගිවිස ගත් සුරූපී ඉඩුනා ගේ ඉල්ලීමකට අනුව, එක් රාත්රියක ඕඩින් දෙවොලේ පූජකවරිය වූ ෆ්රෙඩිසා සමඟ ඔහු සැරිසරන්නා ගේ සොහොන් ගැබට පිවිස, සැරිසරන්නා ගේ සිරුර සමග තබා තිබූ මාලය සහ ඔහු ගේ රතු අසිපත සොයා ගනියි.
එම රාත්රියේ දකින සිහිනයක දී ඕල්ෆ්, ස්වකීය පූර්ව භවය වූ සැරිසරන්නා ගේ පෙම්වනිය බවට පත්ව සිටි පාරාවෝ දියණිය හා එවකට තරුණ වියේ පසු වූ ඔහු ගේ පූර්ව භවය වූ සැරිසරන්නා ද දැක ගනියි.
අවසානයේ ඔහුට, එම පාරාවෝ දියණිය ගේ වර්තමාන භවය වූ හෙලියෝන්ඩෝර් මුණ ගැසෙන්නේ, බයිසැන්තියමේ දී ය.
මෙය එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද ස්කැන්ඩිනේවියාව, බයිසැන්තියම සහ ඊජිප්තුව අතර දිග හැරෙන ඓතිහාසික නව කතාවකී.
- You cannot add "සන්තෝෂ විල - Santhosha Vila" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |









