සුසුරන් 1-Susuran 1

Rs.1,250.00

3 X Rs. 416.67 with mintpay_info_icon_woocommerce

මවිසින් ජාතික රූපවාහිනිය සඳහා තෝරා ගනු ලැබූ ‘ඔෂින්’ ටෙලිනාට්යය මාලාවෙන් පසු ඒ හා සම තේමාවක් ඔස්සේ යමින් දිරිය දියණියකගේ සෞභාග්යය සහ සමාජ සංවර්ධන සත්කාරය කොතරම් දැයි දැක්වෙන කතා පුවතකි, “සුසුරන්”.
අම්මා විසින් අතහැර දමා යන අනාථ දැරියක කෙරෙහි “ජීරෝ” නමැති ස්ථානාධිපතිවරයා දක්වන මානව දයාව මිනිසත්කමේ සීමාවන් ඉක්මවා යන බව “සුසුරන්” මනාව පසක් කරයි. මෙහි එන චරිත විශ්ව සාධාරණ ය. පුරා දශක හතකට අධික කාලයක් අභීතව ජීවිතයට මුහුණ දෙන “මොයි” කිසිවෙකුටත් බරක් නොවන ලෙස ජීවිතය හැඩ ගසා ගනී. එමගින් අපට දෙන පාඩම් බොහෝ ය.
“සුසුරන්” සිංහල දෙබස් කැවීම මා විසින් සිදු කළ අතර, එ⁣හි දී සිංහල දෙබස් පිටපත රචනා කළේ පියදාස රත්නසිංහයෝ ය. ඔහු අප අතර සිටි ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්යයයේ දශක හතරකට අධික කාලයක් විවිධ දක්ෂතා දැක්වූ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ ජනමාධ්යවේදියෙකි. මාධ්යය පිළිබඳ ගුරවරයෙකු මෙන්ම ජාතික රූපවාහිනිය බැබළවීමට දායක වූ කීර්තිමත් නිලධරයෙක් ද වේ.
-අතුල රන්සිරිලාල්-
හිටපු හඬකැවීම් අධ්යක්ෂ, ජාතික රූපවාහිනිය