මහමෙර – Mahamera

Rs.495.00Rs.550.00

3 X Rs. 165.00 with mintpay_info_icon_woocommerce

Author: Jayasena Jayakody

Publisher: Dayawansa Jayakody & Company

ISBN: 978-955-551-794-2

Page Count: 214

“අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?”

“පාදිලිතුමෙක්”

“මොනවා හාමුදුරුවනේ…. පාදිලියො පන්සල්වලට එනවැයි?”

“කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, එ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා.”

“ඕකනෙ කියන්නේ…. ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?”

“මට ඒවා අමතක යි  සිංඤප්පු උන්නැහැ.”

book-author

format