මගහැරුණු දූපත් – Magaharunu Doopath

Rs.675.00Rs.750.00

3 X Rs. 225.00 with mintpay_info_icon_woocommerce

Author:  Prabath Jayasinghe

Publisher:  Sarasavi Publishers

ISBN: 978-955-31-2894-2

Page Count: 212

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත්‍රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු සුළඟට හසුව සමනල රෑනක් සේ දස අත පියාඹන හැටි ඔහු දුටුවා. අවට පැතිරී තිබූ ගන්ධබ්බ එළියෙන් ඒ පියාඹන දේවල් කඩදාසි යයි තහවුරු කර ගන්න ඔහුට පුළුවන් උනා. ඒත් ඒ සිතිවිල්ලට බාධා පැමිනුණේ කණුව උඩ සිටි රුව අනපේක්ෂිතව එකවරම පහළට පනිනවා දැකීමෙන්.

book-author

format