ගිං ගඟේ විලාපය – Gin Gange Vilapaya

Rs.405.00Rs.450.00

3 X Rs. 135.00 with mintpay_info_icon_woocommerce

Author: Nandana Weerasinghe

Publisher: Vidarshana Publishers

ISBN: 978-624-5546-88-6

Page Count: 54

දුම්මල ගලට ගිය අම්මා….(නන්දන වීරසිංහ)

දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා

ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ

ගිං ගඟේ විලාපය (1984)

book-author

format