”……දෙයියෝ සාක්කි….. රැහැයියෙක් මාළු අල්ලපු කතාවක් කවදාවත් අහල තියෙනවද?… ”(කුහුඹුවා, රැහැයියා හා පිළිහුඩුවා)
”මේ ලෝකයේ මා දුටු සුන්දර ම තැනැත්තිය ඔබයි… මට හුඟක් සන්තෝසයි.. ඔබ මා සමඟ විවාහ වන්නට තීරණය කළාට… ”(දෙවඟන)
”….. මොකද ඉතින් ඔබේ ඇස් ඔය තරම් රතු පාට, අපේ අම්ම ගේ ඇස් දෙක නම් හරි ම ලස්සනයි. නිල් පාටයි….” (ඉර, හඳ හා තරුව)
”… අපොයි… මේක හරි ම භයානකයි… අන්න ඒ ගිනි පුසා අපේ ගේට්ටුවට ගිනි තිබ්බා… ඌ දැන් කෙළින් ම එන්නේ අපේ ගේ දිහාවටයි… අපොයි දෙයියනේ….” (ගිනිපූසා)
”….මේක මගේ අම්මට ගිහින් දෙන්න පුළුවන්.. ඒක මට ලොකු සතුටක්… ”(අවතාරයේ අතකොළුව)
”….අනේ ඔහු මා එනතුරු බලා හිඳිවි… ”(මනාළියගේ දූපත)
”….ආදරණීය තරුණය, මං තමයි කහ මුහුදේ මකර රජු… මා ආවේ ශබගෙන් කරුණු කිහිපයක් දැන ගන්නයි. ඒ නිසා මගේ ඉල්ලීම ප්රතික්ෂේප කරන්න එපා…” (ළිං දහය)
”…. මෙ කතාව නුඹ වෙන කාටවත් කියන්න එපා.. අඩු ගානේ නුඹේ බිරිඳටත් කියන්න එපා.. මේක අනිත් අය දැන ගන්න එක මට මහ මදි කමක්… ඒ නිසා මේක කාටවත් කියන්න එපා…” (ණයකාරයා)
”…. මෝඩ සතා.. උඹ මගේ සෝස් ටික විනාශ කෙරුවා. සෝස් බින්දුවකින් මට බත් හැඳි තුනක් කන්න පුළුවන්…” (මසුරා)
”… මොනවා… අශ්වයා නෑ… අශ්වයාට මොකද වුණේ?… මං මේ පටිවලින් අශ්වයා අල්ලා ගෙනයි හිටියේ… එහෙනම් මේ ටිකට මොකෙක් හරි අශ්වයා හොරකම් කරගෙන ගිහින්… ඔබතුමා කිව්වා හරි. මේක නම් මහ පුදුම නගරයක්…” (මහ බොරුකාරයා)















































