මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්රහය ය.
කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්රහය තුළ කතුවරයා කෙටිකතා රචනයේ විවිධ රටාවන් භාවිතයට ගන්නා අයුරුද, මිනිස් ස්වභාවයන් හී ඉසියුම් චලනයන් අති සියුම්ව නිරූපනය කරන අයුරුද දැකගත හැක.
කුඩා දෙබස්, කෙටි සිදුවීම් තුළින් ඔහු විශාල පෙදෙසක් පාඨකයාට නිරාවරණය කරයි. එකී සුවිශේෂතාව නිර්මාණකරුවෙකු සතතාබ්යාසය තුළින්ම ලබන වෙසෙස් හැකියවකි.