“අර කැට තළලා, කුඩු කරලා, හැන්දක තියපු නැන්දා, ඒක රත් කරන ගමන්, සුරුට්ටුවක් වාගේ එකක් තියලා උරන්න ගත්තා. පණ නැතුව වැටිලා පැය ගාණක් කෙඳිරි ගාන්න ගත්තා. පෙණ වමනේ ගුළි දාගෙන දාගෙන ගිහිල්ලා, ඔළුව බිත්තියේ ගහගෙන ගහගෙන ගියා. පිහි තුඩෙන් දකුණු අතේ හම පළන්න ගත්තා” (26පි).
“චන්ද්‍රයා කියා දෙයක් එදින පායා ආවේ නෑ. පෙරදා ස්වර්ණ වර්ණයෙන් නැංගුරම්ලා සිටි සඳ රැස් එදින ආවේ නෑ. එහෙත් කළුවරට හිතැති, ස්වයංජාත මල් සමූහ පෙති ගසා ඉවතලන රේණු සුවඳ ඈට පෙරදා මෙන් දැනුණා. ඇතැම් වෘක්ෂ සමූහ නඟන නාද ‘ඕම්’කාරයක් සේ ඇයට දැනුණා” (130පි).
මම හිටියේ තිසා වැවේ මල් කඩකඩ. වැව් ඔක්කොම බදු දීලා තිබ්බේ. ඇවිත් යන්න ආශා ලිහා යන්න ආශා කිය කිය පාන්දර මහ සෑය මගේ හිත අතගානවා වගේ මට දැනුණා. වෙලාවකට වැවට එන සමහර කොල්ලෝ අනේ එන්න ආශා වෙළී යන්න ආශා කියනවා. කාල නියාමනය යන වින්‍යාසය ගැන අවබෝධයක් අපට තිබ්බේ නෑ