නැවතීමම ය ගමන – Navathimama ya Gamana

Rs.550.00Rs.600.00

3 X Rs. 183.33 with mintpay_info_icon_woocommerce

Author: Gonadeniye Wimalajothi Thero

Publisher: Wimansa Publishers

ISBN: 978-624-97086–5-5

Page Count: 263

නැවතීමම ය ගමන – බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි.

පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.

මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.