නිරෝධායන චාරිකාව – Nirodhayana Charikawa

Rs.360.00Rs.450.00

3 X Rs. 120.00 with mintpay_info_icon_woocommerce

Author: Kapila Kumara Kalinga

Publisher: Fast Publishers

ISBN:  978-955-677-982-0

Page Count: 235

නිරාශාට ඇමතිතුමා පළමු වරට මුණ ගැසුණේ ටෙලි නාට්‍ය මුහුරත් උළෙලකදීය. ඉන් පසුව කීප වරක්ම ඔහු ඇයට දුරකථනයෙන් ඇමතුවේය. මුල දී ඇයගේ රඟපෑම් අගයනු පිණිසය.

‘මට ටෙලිඩ්‍රාමාස් දිගට ම බලන්න වෙලාවක් නෑ. ඒත් දැන් ඔයා නිසා ඔය ඉන්න ටෙලි නාට්‍යය දිගට ම බලනවා. මම ඔයාගෙ ෆෑන් කෙනෙක් වෙලා..’
ඇමති හක හක ගා සිනාසුණේය.

‘මම හරිම කැමතියි, නෙත දැවුන දා ඩ්‍රාමා එකේ, ඔයා කරන රතීගේ චරිතයට. ඒක හරිම තාත්විකයි. කැමරාවක් ඉස්සරහ කොහොම එහෙම රඟපානවද කියලා මට නං හිතාගන්නවත් බෑ.’

මෙසේ ගොඩනැඟුණු මිත්‍ර සබඳතාව, ඉන්පසු ව්‍යාපාරික සබඳතාවක් බවට පත්වූයේ, ඇමතිතුමාට නිරාශා ප්‍රධාන නිළිය ලෙස යොදවා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ආශාවක් පහළවීමත් සමගය. පළමු දිනයේ ඒ පිළිබඳව ඇමතිතුමා සමග සාකච්ඡා කිරීමට ඇය ගියේ, ඉතා සමීප සබඳතාවක් තිබූ අධ්‍යක්‍ෂවරයෙකු සමගිනි.
පළමු නාට්‍යයෙන් පසු, එම අධ්‍යක්‍ෂවරයා හැලිණි. අධ්‍යක්‍ෂණය ද නිරාශාට බාර ගන්නැයි ඇමතිතුමා බල කළේය.

‘මට ඒක බෑ වැඩිවෙයි සර්..’
නිරාශා අදිමදි කළාය.
‘අපි හොඳ කැමරාමන් කෙනෙකුයි, ඒ.ඩී කෙනෙකුයි හොයා ගමු. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ ඩිරෙක්ටර්ස් චෙයාර් එකේ ඉඳගෙන ඉන්න විතරයි.’

වැඩකට නැතුව වසා දමා තිබූ මහල් නිවාසය, පළමුව ඔවුන්ගේ ටෙලි නිෂ්පාදන ආයතනයේ කාර්යාලය බවට පත් විය. ක්‍රමයෙන් එය නිරාශාගේ නිවහන බවට ම පෙරළුණි.

ටෙලි නාට්‍ය දෙකකට පසු නිරාශාගේ අධ්‍යක්‍ෂණය ද, ඇමතිගේ නිෂ්පාදනය ද නතර වුණි. එතැන් සිට ඇරඹුණේ අතරමැදි ව්‍යාපාරයකි… තම නාට්‍ය විකාශනය සඳහා මඟක් සොයමින් ළතැවෙන ටෙලිනාට්‍යකරුවන් නිරාශා හමුවීමට ඒමට ගත්තේ, ඇමතිගේ මාර්ගයෙන් උපකාරයක් ලබනු පිණිසය. ඇමති ද ඒ සඳහා ම ලේකම්වරයෙක් පත් කළේය. මුදල් ගනුදෙනු බාර වූයේ නිරාශාටය

book-author

format