1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියූ දෙවන කෙටි කතා සංග්‍රහයයි. එහි ඇතුළත් කතා අතරින් මගුල් ගෙදර හොඳ රචනාවකි. එය වූ කලි බටහිර සිරිත් විරිත් ද සම්මිශ්රනය වීමෙන් සැදුණු අපූරු චාරිත්‍ර වලින් යුක්ත වූ ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කෙරුණු සෝපහාස වර්ණනාවකි.
මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19කින් මෙම කෙටිකතා සංග්‍රහය සමන්විත වෙයි.