Gabriel García Márquez විසින් රචිත Memories of My Melancholy Whores කෘතියේ සිංහල පරිවර්තනය. (Winner of the Nobel Prize for Literature 1982)
සිය අනුවත උපන් දින සැදෑවේ එක්තරා අවිවාහකයෙක් කත්‍යාවක් සමඟ වන වියරු ආදරබර රාත්‍රියක් තමා වෙතම පිරිනමා ගැනීමට තීරණය කරයි. තමන් විසින් සිය ගණනක් ගැහැනුත් මිලදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි. ඈ විසින් ඔහු වෙත ලබා දෙන දාහතර වියැති ගැහැනු ළමයා මනබඳනාසුලු වුවත්, සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමෙන් හා බොත්තම් ඇල්ලීමේ තම දෛනික රැකියාවෙන් හෙම්බත්ව සිටින ඈට නිදා ගන්නවා හැරෙන්නට අන් කිසිවක් කළ හැකි නොවේ. තමන් පසෙක මේ සුන්දරිය නිදා සිටින අතර තමා විසින් කෙදිනක හෝ අත් නොවිඳින ලද ප්‍රේමයක් ඔහු තුළ අවදි වෙයි. ආදරය, දැනුවත් බව සහ කපටි හාස්‍යය කැටි කොටගත් මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක වූ කලි විශිෂ්ටයකුගේ තවත් එක් කෘතියකට එහා ගිය අතිවිශිෂ්ටත්වයකි.