මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.
ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.
මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි