තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකන්තාවකට විවාහයක් කරගන්නට නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත්, ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමඟ පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කලේ නැත. ඒත් ඇලිස් ඔබ කොහේද? මාර්තා ලීට ද මේ සිදුවන්නේ කුමක්ද?