යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය | Yakshaya Saha Prym Menaviya (Paulo Coelho)

Rs.882.00Rs.980.00

3 X Rs. 294.00 with mintpay_info_icon_woocommerce

Author: Paulo Coelho

Translator: Chulananda Samaranayake

Publisher: Vidarshana Publishers

ISBN: 978-955-1559-47-2

Pages: 241

Paulo Coelho විසින් රචිත The Devil and Miss Prym කෘතියේ සිංහල පරිවර්තනය.

කෑදරකම, භීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වධ විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේය. ඉදින් එහිදී ඔවුත් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපතද එසේත් නැතිනම් නපුරද?මේ චමත්කාරජනක නවකතාව තුළින් පාවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි. අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත්වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙණෙවිය යනු උද්වේගකර කතාන්දරයකි. එසේම එමගින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.