යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – Yuda Hamudapathi Jathiyata Dun Poronduwa

Rs.2,880.00Rs.3,200.00

3 X Rs. 960.00 with mintpay_info_icon_woocommerce

Author: Field Marshal Sarath Fonseka

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-3154-6

Page Count: 612

වසර 34 ක ඊලාම් ත්‍රස්තවාදය මාතෘභූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වූ ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙලාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැඟී සිටිම සඳහා විශාල කැපකිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදුවිය. මේ අතරින් රණවිරුවන් කළ කැපකිරීම් කියා නිමකළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්‍රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවුබිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජීවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානී පැතුමයි.