එදින මගේ පුතා ක්රීඩා උත්සවයේ තරග ඉසව් වෙනුවෙන් ලකලැහැස්ති කරන්නට සිදුවූයේ පුතාගේ පුංචිටත් නැන්දාටත් ය. අන් දරුවන්ගේ අම්මලා මෙන්ම මට මගේ පුතා වෙනුවෙන් ක්රීඩා උත්සවයට අදාළ දෙයක් කිරීමට නොහැකි වූයේ, උත්සවයේ වැඩ කටයුතු අඩුපාඩුවකින් තොරව සිදු කළ යුතු නිසාය. දරුවන් වෙනුවෙන් ජයගෝෂා ඔවුන්ගේ අම්මාවරු නඟද්දී මා විනිශ්චය මණ්ඩලය සමඟ සිටියේ නිවැරදි ජයග්රාහකයා තේරීමටය. මගේ දරුවා දිනුවාද? පැරදුනාද? බලන්නට මට බැරි විය. අදටත් මට ඒ ගැන ඇත්තේ දුකකි.
‘ක්රීඩාව’ කියන වචනයේ තේරුමවත් නොදත් පුංචි කවිඳුගේ මුල්ම ක්රීඩා ටික බලන්න, එහි සතුට විඳින්නට මට නොහැකි විය. නමුත් ඔහු ජීවිතයේ මුල්වතාවට ක්රීඩා උළෙලක අත්දැකීම ලැබූ බව සැබෑවකි.