විකල් හෝරාව | Wikal Horawa

Rs.882.00Rs.980.00

3 X Rs. 294.00 with mintpay_info_icon_woocommerce

Author: Gabriel García Márquez

Translator: Niluka Kadurugamuwa

Publisher: Vidarshana Publishers

ISBN: 978-624-5087-02-0

Pages: 256

Gabriel García Márquez විසින් රචිත In Evil Hour කෘතියේ සිංහල පරිවර්තනය.

එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප්‍රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ කුඩා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය. ලොව ශ්‍රේෂ්ඨතම නවකතාකරුවකු වූ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ ’විකල් හෝරාව’ නවකතාව සාකච්ඡාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ. පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප්‍රතිඵල වූ සැකය, බිය, දූෂණය සහ භීෂණය ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන
උදාහරණ ‘විකල් හෝරාව’ අපට සපයයි.